Wednesday, July 20, 2022

ඉන්ධන පිරවුම් හලක කලහකාරී ලෙස හැසිරුණු දෙදෙනෙක්ට වැඩ වරදී

 

ඉන්ධන ලබා නොදීම හේතවෙන් රත්නපුර පහිටි ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් දෙදෙනෙකු රත්නපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 52 වයසුවල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.


පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා (ජූලි 19) උදෑසන කාලයේ ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාමය කඩවන අයුරින් කලහකාරි ලෙස හැසිරුණු බව ය.


අත්අඩංගුවට ගත් පුද්ගලයින් දින කිහිපයක සිට ඉන්ධන හලේ ඉන්ධන ලබා නොදීම හේතුවෙන් ඇතිවූ ආවේගය මත කලහකාරී ලෙස හැසිරී ඇති බවට පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.


සැකකරුවන් අද (ජූලි 21) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රත්නපුර පොලිසිය සිදු කරයි.

No comments: