Tuesday, July 19, 2022

සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ගැන දැනගන්නේ මෙහෙමයි

 ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට හිමිවන ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත්වීම සඳහා මේ වනවිට විශේෂ ක්‍රමයක් හඳුනවා දී තිබෙනවා.

ඒ, අනුව කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාල ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනගැනීමට වාහන හිමියන්ට හැකියාව ලැබෙනවා.

එහිදී FUEL BAL ලෙස ටයිප් කර වාහන අංකය ටයිප් කර 76 6220 000 යන දුරකථන අංකයට එස්.එම්.එස් පණිවුඩයක් යොමු කිරීමෙන් එම ශේෂය දැනගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

උදාහරණ – FUEL BAL (වාහනයේ අංකය) send 76 6220 000

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වනදා සිට ආරභා කිරීමට නියමිත බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළා

No comments: