Monday, July 18, 2022

ඉන්ධන මිල විශාල ගණනකින් අඩු කරන්න පුලුවන්..වහාම තනි පුද්ගලයෙක් ඉල්ලයි..

 ජනතාව මුළා කරන්න එපා ඉන්ධන සදහා නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා ⁣කොමිසමට භාර දෙන්නැයි එහි සභාපති ජනක රත්නායක රජයෙන් ඉල්ලීමක් කර තිබේ.


කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල් 10 ක් 20 වැනි සුළු මුදලකින් ඉන්ධන මිල අඩුකර ජනතාව මුළා කිරීමට රජය කටයුතු නොකළ යුතු බවයි.


“මහජනතාව මෝඩ නෑ, මහජනතාව දැන් දන්නවා ලෝක වෙළෙදපොළේ තියෙන ඉන්ධන මිල පිළිබදවත්, ඒ වගේ ලංකාවට ආනයනය කරන කොට ඒ්වායේ මිල පිළිබදවත්ම, හජනතාව ඒ්වා දන්න නිසා මේ වගේ කිසිම ක්‍රම වේදයක් නැතිව කටයුතු නොකළ යුතුයි.”


මේ අනුව මීට පෙර ජනක රත්නායක මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළේ, දැනට පවතින මිලගණන් වලින් රුපියල් 200කින් පමණ ඉන්ධන මිල අඩුකළ හැකි බවයි.


No comments: