Monday, October 16, 2023

ගිනි අවි හා හෙරොයින් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

https://www.facebook.com/2095754130735409/videos/1329830437742899

 2023.06.30 දින මාවරල පොලිස් වසමේ මුලටියන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් නීති විරෝධී ගිනි අවි ලඟ තබාගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.


එම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර අනාවරණය කරගත් තොරතුරු මත දෙයියන්දර පොලිස් වසමේ මහජනපොල ප්‍රදේශයේදී ගිනි අවි හා හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 650 ක් ලඟ තබාගැනීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු සහ මුලටියන ප්‍රදේශයේදී පිස්තොල අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 130 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.


එම සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් මත කේ 47 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් සිව්දෙනාම වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36, 42, 44 හා 52 වයස් වල පසුවන දෙයියන්දර හා මාවරල ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ. තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

No comments: