Wednesday, January 9, 2019

සමිති සංගමය



‘සුභසාධක සංගමය’ යනුවෙන් සඳහන්  පුවරු සමහර සමිති ශාලාව එල්ලා තිබෙනු දැකගත හැකිය. මෙහි වැරදි දෙකක් ඇත. සංගමය යනු සමිති රැසක් එක්කර පිහිටුවා ගන්නා සංවිධානයකි. ඒ නිසා ගමේ සංවිධානවලට සංගමය යනුවෙන් නම යෙදීම නුසුදුසු ය. සමිති රාශියක් එකතුකර  ගොඩනගාගන්නා සංවිධානයක් තිබේ. ඒවා සමිති සංගම් යනුවෙන් නම් කෙරේ. විවිධ සේවා සමුපකාර සමිති රැසක් එකතු කරගෙන සමූපාකාර සමිති සංගමය පිහිටුවාගෙන ඇත.සමිති රැසක එකතුවක් නිසා එයට සමිති සංගමය යෙදීම නිවැරදි ය.

එහෙත් ගමේ සුභසාධක සමිතියට, මරණාධාර සමිතියට  සංගමය යැයි හැඳින්වීම සාවද්‍ය වන්නේ සාමාජික රැසක සංවිධානයක්  මිස සමිති රැසක සංවිධානයක් එතැන නොමැති බැවිනි.
එසේම 'සුභසාධක සංගමය' යැයි හැඳින්වීම වැරදි වන්නේ ශුද්ධ සිංහල හා මිශ්‍ර සිංහල අකුරු දෙවර්ගය එකට යොදා